• Increase font size
  • Default font size
  • Decrease font size

2019-03-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
'මතින් නිදහස් රටක්' මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීම
- මතින් තොර රටක් බිහි කිරීමේ කටයුතු තවදුරටත් පුළුල් කිරීම සඳහා මත් ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ ජාතික අධිකාරියක් පිහිටුවීම සහ විෂ මත්ද්‍රව්‍ය හඳුනාගැනීමේ නව තාක්ෂණික උපකරණ ආනයනය කර භාවිතයට ගැනීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් මී‍ට පෙර අනුමැතිය ලබා දෙන ලදී. එසේ අධිකාරියක් පිහිටුවන තෙක් මෙම වැඩසටහන කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා උපදේශක සභාවක් පත් කිරීම පිණිස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.