• Increase font size
  • Default font size
  • Decrease font size

2019-03-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දරුවන් සුරකිමු - ජාතික භාර අරමුදල
- විවිධ සමාජීය ගැටලු හේතුවෙන් අසරණ වන දරුවන්, උපතින් හා පසුව සිදුවන විවිධ අනතුරු හා ලෙඩරෝග හේතුවෙන් අසරණ වන දරුවන් සහ දෙමව්පියන්ගේ නොසැලකිලිමත් බව හා නොදැනුවත්කම හේතුවෙන් අසරණ වන දරුවන් සඳහා අවශ්‍ය සහාය ලබා දීමට පුද්ගලයින් හා සංවිධාන ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන අතර, ඔවුන්ගේ පරිත්‍යාගයන් සඳහා වගකීමෙන් හා නෛතිකව පිළිගත හැකි ආයතනික ව්‍යූහයක් පැවතීම කාලීන අවශ්‍යතාවයක් බවට පත්ව ඇත. එබැවින් ජනාධිපති ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් යුත් 'දරුවන් සුරකිමු - ජාතික භාර අරමුදල' ස්ථාපිත කිරීම පිණිස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.