• Increase font size
  • Default font size
  • Decrease font size

2019-03-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජය බහළු පර්යන්තයේ ගැඹුරු නැංගුරම්පළ ධාරිතාවය වැඩි කිරීම සඳහා ගැන්ට්‍රි දොඹකර තුනක් මිල දී ගැනීම
- කොළඹ වරාය වෙත පැමිණෙන අතිවිශාල බහළු නෞකාවන් මෙහෙයවීමේ හැකියාව වැඩි කරගැනීම පිණිස ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් ජය බහලු පර්යන්තයේ (JCT) ගැඹුරු නැංගුරම්පළ ධාරිතාව වැඩි කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. එම ව්‍යාපෘතියේ එක් සංරචකයක් ලෙස නෞකාවේ සිට ගොඩබිමට බහළු මෙහෙයුම් සඳහා දොඹකර 03ක් සපයා ගැනීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි සීමාසහිත ෂැන්හයි ෂෙන්හුවා හෙවි ඉන්ඩස්ට්‍රීස් සමාගම වෙත පැවරීම සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දෙන ලදී. එකී අනුමැතිය අනුව ගැන්ට්‍රි දොඹකර 03ක් මිල දී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ඉදිරි කටයුතු කරගෙන යාම පිණිස වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.