• Increase font size
  • Default font size
  • Decrease font size

2019-03-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බස්නාගොඩ ජලාශ ව්‍යාපෘතිය ඉංජිනේරු ප්‍රසම්පාදන හා ඉදි කිරීම් කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
- ගම්පහ, අත්තනගල්ල, මිනුවන්ගොඩ සහ මීරිගම ප්‍රදේශවලට අවශ්‍ය පානීය ජලය හා කර්මාන්ත සඳහා අවශ්‍ය ජලය සැපයීම සඳහා ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක වන ගම්පහ, අතතනගල්ල සහ මිනුවන්ගොඩ ඒකබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතියෙහි එක් කොටසක් ලෙස බස්නාගොඩ ජලාශ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට යෝජනා වී ඇත.

අත්තනගලු ඔයේ අතු ගංඟාවක් වන බස්නාගොඩ ඔය හරස් කර බස්නාගොඩ ජලාශය ඉදි කිරීමට සැලසුම් කර තිබේ. එය මීටර් 20.5ක උසකින් හා මීටර 130ක් දිග කොන්ක්‍රීට් බැම්මක් සහිතව ජලය ඝන මීටර මිලියන 3.5ක ධාරිතාවයක් රඳවා තබා ගැනීමට හැකි වන පරිදි ඉදි කිරීමට සැලසුම් කර තිබේ. එම ව්‍යාපෘතියේ ඉංජිනේරු ප්‍රසම්පාදන හා ඉදි කිරීම් කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 2,347.4ක මුදලකට සිනෝහයිඩ්‍රෝ සමාගම වෙත ප්‍රදානය කිරීම පිණිස කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.