• Increase font size
  • Default font size
  • Decrease font size

2019-03-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය සඳහා උපදේශන සේවාවන් ප්‍රසම්පාදනය කිරීම
- මාලඹේ සිට කොටුව දක්වා ඉදි කිරීමට යෝජිත සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතියේ සැලසුම් කටයුතු, ප්‍රසම්පාදන සහාය, ඉදිකිරීම්, අධීක්ෂණය හා ව්‍යාපෘති කළමනාකරණය සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද උපදේශක ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ජපානයේ Oriental Consultants Global Co. Ltd., Japan International Consultants for Transportation Co. Ltd., Chodai Co. Ltd. හා Nippon Koei Co. Ltd. සහ ශ්‍රී ලංකාවේ Consulting Engineers & Architects Associated (Pvt.) Ltd යන ආයතනවලින් සැඳුම්ලත් ඒකාබද්ධ ව්‍යාපාරය වෙත පිරිනැමීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.