• Increase font size
  • Default font size
  • Decrease font size

2019-03-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අනුරාධපුරය, වවුනතිව්, මහව, පන්නල සහ වාල‍ච්චේන ප්‍රදේශවල සූර්ය බල ව්‍යාපෘති 28ක් සංවර්ධනය කිරීම
- 2030 වන විට විදුලිබල ක්ෂේත්‍රයේ 60%ක පමණ ප්‍රමාණයක් පුනර්ජනනීය බලශක්තියට පරිවර්තනය කිරීම සඳහා රජය සැලසුම් කර තිබේ. ඒ සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිත සූර්බල සංග්‍රාමය වැඩසටහන යටතේ අනුරාධපුරය, වවුනතිව්, මහව, පන්නල සහ වාල‍ච්චේන යන ප්‍රදේශවල මෙගා වොට් 1ක ධාරිතාවයකින් යුත් සූර්ය බල ව්‍යාපෘති 28ක් සංවර්ධනය කිරීම සඳහා වන කොන්ත්‍රාත්තු අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා කමිටුවේ නිර්දේශය පරිදි තෝරා ගන්නා ලද ආයෝජකයින් 28 දෙනෙකු වෙතින් කිලෝවොට් පැයක් රුපියල් 12.84 සිට රුපියල් 15.93ක් අතර මුදලකට මිල දී ගැනීම පිණිස විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.