• Increase font size
  • Default font size
  • Decrease font size

2019-03-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හෘදයාබාධ ඇති වූ පුද්ගලයන්ට ලබා දෙනු ලබන ටෙනෙක්ටිප්ලේස් එන්නත් 10,000ක් මිල දී ගැනීම
- හෘදයාබාධ ඇති වූ පුද්ගලයින් මරණයට පත්වීම වළක්වා ගැනීම සඳහා භාවිත කරනු ලබන ටෙනෙක්ටිප්ලේස් මිලි ග්රෑම් 40න් එන්නත් 10,000ක් මිල දී ගැනීම සඳහා වන ප්‍රසම්පාදනය අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ඇමරිකානු ඩොලර් 4,250,000ක මුදලකට ඉන්දියාවේ Boehringer Ingelheim India Private Limited වෙත පිරිනැමීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.