• Increase font size
  • Default font size
  • Decrease font size

2019-03-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දියවැඩියා රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට අවශ්‍ය ඖෂධ මිල දී ගැනීම
- දියවැඩියා රෝගීන්ට ප්‍රතිකාර සඳහා භාවිත කරනු ලබන බයිපසික් අයිසෝපේන් ඉන්සියුලින් මිලි ලීටර් 10 එන්නත් 850,000 ක් මිල දී ගැනීම සඳහා වු ප්‍රසම්පාදනය අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ඇමරිකානු ඩොලර් 1,317,500ක මුදලකට එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙහි Gulf Pharmaceutical Industries වෙත පිරිනැමීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.