• Increase font size
  • Default font size
  • Decrease font size

2019-03-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හිමෝෆීලියා රෝගීන්ට ප්‍රතිකාර සඳහා අවශ්‍ය ඖෂධ මිල දී ගැනීම
- හිමෝෆීලියා රෝගීන්ට ප්‍රතිකාර සඳහා භාවිත කරනු ලබන සාන්ද්‍ර මොනොක්ලෝනල් පියුරිෆයිඩ් හා ඩිටර්ජන් ට්‍රීටඩ් ඩ්‍රයිඩ් ෆැක්ටර් වයල්ස් 52,000ක් මිල දී ගැනීම සඳහා වන ප්‍රසම්පාදනය අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ඇමරිකානු ඩොලර් 3,172,000ක මුදලකට ස්විස්ටර්ලන්තයේ M/s. Baxalta GmbH වෙත පිරිනැමීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.