• Increase font size
  • Default font size
  • Decrease font size

2019-03-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ක්‍රීඩාවල යෙදීමේදී භාවිතය තහනම් කරන ලද උත්තේජක ද්‍රව්‍ය ලැයිස්තුව ඇතුළත් නියෝග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම
- 2013 අංක 33 දරන ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනතේ 34(1) වගන්තිය යටතේ ක්‍රීඩාවල යෙදීමේදී භාවිතය තහනම් කරන ලද උත්තේජන ද්‍රව්‍ය ලැයිස්තුව ඇතුළත් 2019 පෙබරවාරි 11 දිනැති අංක 2110/2 දරන අති විශෙෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද 2018 අංක 4 දරන නියෝග පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම පිණිස විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.