• Increase font size
  • Default font size
  • Decrease font size

2019-03-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික අධ්‍යාපන ආයතනයේ පරිපාලන හා කළමනාකරණ ව්‍යූහය ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා 1985 අංක 28 දරන ජාතික අධ්‍යාපන ආයතන පනත සංශෝධනය කිරීම
- අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුණාත්මක සංවර්ධනයක් උදෙසා විෂය භාර අමාත්‍යවරයාට උපදෙස් ලබා දීම, විෂයමාලා සංවර්ධනය, අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තිකයින්ගේ වෘත්තීය සංවර්ධන කටයුතු හා ඊට අදාළ පශ්චාත් උපාධි ලබා දීම, අධ්‍යාපන ක්ෂේත්‍රයේ පර්යේෂණ හා අධ්‍යයන පැවැත්වීම යනාදී කාර්යයන් ඉටු කිරීම පිණිස ජාතික අධ්‍යාපන ආයතනය ස්ථාපිත කරනු ලැබ ඇත. මෙම ආයතනයේ පරිපාලනය සඳහා සභාවක් ස්ථාපිත කොට ඇති අතර, කාලීන හා අනාගත අවශ්‍යතාවන් සැලකිල්ලට ගෙන මෙම ආයතනයේ පරිපාලන කටයුතු ප්‍රතිව්‍යූහගත කිරීමේ අවශ්‍යතාවක් ඇති බව නිරීක්ෂණය වී ඇත. ඒ අනුව ජාතික අධ්‍යාපන ආයතනයේ ශාස්ත්‍රීය කටයුතු මණ්ඩලයේ සභාපතිවරයා ආයතනයේ පරිපාලන සභාවේ නිත්‍ය නියෝජිතයෙකු ලෙස නිල බලයෙන් පත් කිරීමට හැකි වනු පිණිස 1985 අංක 28 දරන ජාතික අධ්‍යාපන ආයතන පනත සංශෝධනය කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.