• Increase font size
  • Default font size
  • Decrease font size

2019-03-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආනයනික කිරිපිටි සඳහා යෝජිත මිල සූත්‍රය
- ආනයනික කිරිපිටි මිල සඳහා සුදුසු විසඳුමක් සෙවීමේ අරමුණින් පත් කරන ලද කමිටුවක් විසින් ජාත්‍යන්තර වෙළඳපොළෙහි පවත්නා මිල හා විනිමය අනුපාතයෙහි විචලනයන් සැලකිල්ලට ගෙන, පාරිභෝගිකයින්ට, රජයට මෙන්ම කිරිපිටි කර්මාන්තයේ යෙදෙන්නන්ට ප්‍රතිලාභ හිමිවන පරිදි ආනයනික කිරිපිටි සඳහා මිල සූත්‍රයක් යෝජනා කර තිබේ. එම මිල සූත්‍රය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මඟින් ක්‍රියාත්මක කරවීම සඳහා කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.