• Increase font size
  • Default font size
  • Decrease font size

2019-03-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1993 අංක 52 දරන තේ පර්යේෂණ මණ්ඩල පනත සංශෝධනය කිරීම
- තේ වගාව පිළිබඳ පාරිසරික ආරක්ෂක පියවර ගැනීම, තේ මණ්ඩලයේ පර්යේෂණවල ප්‍රතිඵල විවිධ පාර්ශ්ව වෙත නිකුත් කිරීම, තේ පර්යේෂණ මණ්ඩල පනත හා වෙනත් අදාළ නීති අතර ඇති අනනුකූලතාව වැළැක්වීම සඳහා විධිවිධාන සැලසීම සහ තේ පර්යේෂණ මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සංයුතිය ප්‍රතිව්‍යූහගත කිරීම යනාදී සංශෝධන ඇතුළත් කරමින් 1993 අංක 52 දරන තේ පර්යේෂණ මණ්ඩල පනත සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය දෙනු ලැබ ඇත. ඒ අනුව සකස් කර ඇති පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.