• Increase font size
  • Default font size
  • Decrease font size

2019-03-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සුඛිතපුරවර සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම
- දිවයිනේ විවිධ නගරවල මහජන පහසුකම් හා යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ අරමුණින් සුඛිතපුර නගර සංවර්ධන වැඩසටහන 2016 වර්ෂයේ සිට මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ යටතේ මේ වන විට රුපියල් මිලියන 12,894ක් පමණ ආයෝජනය කර තිබේ. සියලුම පළාත් ආවරණය වන පරිදි තොග වෙළඳපොළවල්, බස්නැවතුම්පළවල්, උද්‍යාන, රථගාල්, ඇවිදින මංතීරු, සතිපොළ, මාළු වෙළඳසැල්, නගරශාලා, වෙළඳ සංකීර්ණ, නාගරික මධ්‍යස්ථාන, ළමා උද්‍යාන, වෙරළ උද්‍යාන, මාර්ග සංවර්ධන කටයුතු යනාදී වශයෙන් 2019 වර්ෂයේ ක්‍රියාත්මක කිරීම සඳහා හඳුනාගෙන ඇති වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.