• Increase font size
  • Default font size
  • Decrease font size

2019-03-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ ලුහුඬු නාමය ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව ලෙස සංශෝධනය කිරීම
- 1968 අංක 15 දරන කොළඹ දිස්ත්‍රික්කයේ (පහත් ඉඩම් ප්‍රදේශ) ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ පනත යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ (පහත් ඉඩම් ප්‍රදේශ) ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ මණ්ඩලය පිහිටවූ අතර, එහි ලුහුඩු නාමය 1982 අංක 52 දරන පනත යටතේ සංශෝධනයක් එක් කරමින් ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව ලෙස වෙනස් කරන ලදී. ඉන් පසුව මෙම ආයතනය විසින් ජාතික සංවර්ධන කාර්යය සඳහා ලබා දෙනු ලබන දායකත්වය සැලකිල්ලට ගෙන එහි නාමය ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව ලෙස සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව ගැසට් පත්‍රයේ පළ කරන ලද පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.