• Increase font size
  • Default font size
  • Decrease font size

2019-03-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආරෝහක යන්ත්‍ර (ELEVATORS) සහ විදුලි සෝපාන යන්ත්‍ර (ESCALATORS) සඳහා විද්‍යුත් ආරක්ෂාව පිළිබඳ යෝග්‍යතා සහතිකය ලබා දීම
- ශ්‍රී ලංකාවේ ගොඩනැඟිලිවල සවිකර ඇති ආරෝහක යන්ත්‍ර (ELEVATORS) සහ විදුලි සෝපාන යන්ත්‍ර (ESCALATORS) තුළ ඇති වන අනතුරුවලින් සැලකිය යුතු ප්‍රමාණයක් විදුලි ඇණහිටීම් හේතුවෙන් සිදු වන බවට කරුණු ඉදිරිපත් වී ඇත. මෙම තත්ත්වය වළක්වා ගැනීම පිණිස අදාළ පාර්ශ්වයන්වල එකඟතාවයෙන් එම යන්ත්‍ර සම්බන්ධයෙන් යෝග්‍යතා සහතිකයක් නිකුත් කිරීම පිණිස සුදුසු ක්‍රමවේදයක් හඳුන්වාදීමට යෝජනා වී ඇත. ඒ අනුව, ශ්‍රී ලංකාවේ සවි කර ඇති සෑම ආරෝහක යන්ත්‍රයක් සහ විදුලි සෝපාන යන්ත්‍රයක් සඳහාම විද්‍යුත් ආරක්ෂාව පිළිබඳ සහතිකයක් ලබාගැනීමේ අවශ්‍යතාවය ඇති කිරීම පිණිස විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.