• Increase font size
  • Default font size
  • Decrease font size

2019-03-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සංවර්ධනය සඳහා වන නෛතික බාධක ඉවත් කිරීම
- 2030 වන විට විදුලිබලයෙන් 60%ක් පමණ පුනර්ජනනීය ක්‍රම මඟින් ජනනය කිරීමට සැලසුම් කර තිබුණද නව විදුලි බලාගාර සංවර්ධනය සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම සහ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය අතර පවතින‍ නෛතික හා ප්‍රතිපත්තිමය වෙනස්කම් හේතුවෙන් එවැනි ප්‍රධාන විදුලිබල සංවර්ධන ව්‍යාපෘතීන් සිදු කිරීමේදී යම් යම් ගැටලුවලට මුහුණ දීමට සිදුවන බව නිරීක්ෂණය වී තිබේ. ඒ අනුව මෙගා වොට් 10 හෝ ඊට අඩු ධාරිතාවකින් යුත් සාම්ප්‍රදායික නොවන පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් විදුලි බලය මිල දී ගැනීමේදී වඩාත් නම්‍යශීලි ක්‍රමවේදයක් අනුගමනය කළ හැකි වන පරිදි 2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලි බල පනත සහ 2013 අංක 31 දරන ශ්‍රී ලංකා විදුලි බල (සංශෝධන) පනත සංශෝධනය කිරීම පිණිස විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.