• Increase font size
  • Default font size
  • Decrease font size

2019-03-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රාජ්‍ය ආයතන පරිශ්‍ර තුළ බුලත් විට, දුම්කොළ සහ පුවක් ආශ්‍රිත නිෂ්පාදන භාවිතය සහ විකිණීම තහනම් කිරීම
- බුලත් විට, දුම්කොළ සහ පුවක් ආශ්‍රිත නිෂ්පාදන හේතුවෙන් මුඛ පිළිකා වැළඳීමට ඇති අවදානම සැලකිල්ලට ගෙන රාජ්‍ය ආයතනවල කාර්ය මණ්ඩල සහ එම ආයතන වෙත පැමිණෙන ජනතාවට එකී ආයතන පරිශ්‍රයන් තුළ බුලත්විට, දුම්කොළ සහ පුවක් ආශ්‍රිත නිෂ්පාදන භාවිත කිරීම වැළැක්වීමට යෝජනා වී ඇත. ඒ අනුව, ඒ සඳහා විධිවිධාන සැලසීම සඳහා රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයක් නිකුත් කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.