• Increase font size
  • Default font size
  • Decrease font size

2019-03-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ සිසුන් වෙත ලබා දෙන මහපොළ ශිෂ්‍යාධාර වාරික මුදල ඉහළ නැංවීම
- ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය තාක්ෂණ අධ්‍යාපනය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමා ප්‍රදානය කිරීම සඳහා මෙරට පිහිටුවා ඇති ප්‍රමුඛතම ආයතනයක් වන අතර, මේ වන විට එහි ප්‍රාදේශීය මධ්‍යස්ථාන 19ක, 20,000කට අධික ශිෂ්‍ය සංඛ්‍යාවක් අධ්‍යාපන කටයුතුවල නිරතව සිටියි. උසස් අධ්‍යාපනය හදාරන සිසුන් සඳහා ලබා දෙන මහපොළ හා ශිෂ්‍යාධාර 2015 වර්ෂයේදී වැඩි කරන ලද අතර, විශ්වවිද්‍යාල සිසුන් සඳහා මේ වන විට රුපියල් 5,000/-ක මාසික මහපොළ ශිෂ්‍යාධාර ද රුපියල් 4,000/-ක මාසික විශ්වවිද්‍යාල ශිෂ්‍යාධාරය ද, ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ සිසුවකු වෙත රුපියල් 1,500/-ක මහපොළ ශිෂ්‍යාධාරයක්ද හිමි වේ. ඒ අනුව ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ සිසුන් වෙත මෙතෙක් ‍ගෙවනු ලැබූ මහපොළ ශිෂ්‍යාධාර වාරිකය වූ රුපියල් 1,500/-, රුපියල් 2,500/-ක් දක්වා වැඩි කිරීමට නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.