• Increase font size
  • Default font size
  • Decrease font size

2019-01-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නිදන්ගත වකුගඩු රෝගයෙන් පීඩාවට පත් ප්‍රදේශවල පිහිටි ආදර්ශ ගම්මාන සහ උදාකළ ජනාවාස වෙත පානීය ජලය සැපයීම
- නිදන්ගත වකුගඩු රෝගයෙන් පීඩාවට පත් දිස්ත්‍රික්කවල ආදර්ශ ගම්මාන සහ උදාකළ ජනාවාස වෙත පානීය ජලය සැපයීම සඳහා එම නිවාස වැඩසටහන් යටතේ වෙන් කරනු ලබන ප්‍රතිපාදන යොදා ගැනීම පිණිස මීට පෙර අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. ඒ යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම්වෙහෙර සහ තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි පිහිටුවා ඇති ආදර්ශ ගම්මාන 18ක පවුල් 703ක් සඳහා ද පානීය ජලය සැපයීමට හැකි වන පරිදි රුපියල් මිලියන 298ක ආයෝජනයක් සහිතව කිරිඳඔය ජල පිරිපහදු කිරීමේ යන්ත්‍රාගාරය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීම පිණිස නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා සහ නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.