• Increase font size
  • Default font size
  • Decrease font size

2019-01-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කළු ග‍ඟේ ගංවතුර වැළැක්වීම, ලවන ජලය මුසුවීම මැඬපැවැත්වීම සහ කළු ග‍ඟේ ජලය මඟින් හම්බන්තොට දිස්ත්‍රික්කයට පානීය ජලය සැපයීම පිණිස වන කළු ගඟ සංවර්ධන ව්‍යාපෘතිය
- වර්ෂා කාලයේදී කළු ගඟ පිටාර ගැලීම නිසා රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවල ගංවතුර හේතුවෙන් සිදු වන හානි වළක්වා ගැනීම, කළු ග‍ඟ මෝයේ සිට කිලෝමීටර 18ක් පමණ දුරක් ගඟ තුළට ලවන ජලය ගලා ඒම හේතුවෙන් පානීය ජල සැපයුමට ලවන මුසුවීම මැඬපැවැත්වීම සහ කළු ග‍ඟේ අතු ගංඟාවක් වන කුඩා ඔය හැරවීම මඟින් හම්බන්තොට දිස්ත්‍රික්කයට පානීය ජලය ලබා දීම ප්‍රධාන අරමුණු කරගනිමින් රුපියල් බිලියන 123ක් පමණ ආයෝජනයක් සහිතව කළු ගඟ ආශ්‍රිතව සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා ශක්‍යතා අධ්‍යනයක් සිදු කර තිබේ. මෙම ව්‍යාපෘතිය සඳහා විදේශ මුදල් ආයෝජනය කර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ හැකි ජාත්‍යන්තර ඉදි කිරීම් සමාගම්වලින් අභිලාෂය ප්‍රකාශ කිරීමේ යෝජනා ලබාගැනීමටත්, සුදුසු ඉදි කිරීම් සමාගම් මඟින් ව්‍යාපෘති යෝජනා කැඳවීමටත්, ඒවා ඇගයීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරනු ලබන කමිටු පිහිටුවීමටත් කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.