• Increase font size
  • Default font size
  • Decrease font size

2019-01-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 12,000ක් සපයා ගැනීම සඳහා වන ප්‍රසම්පාදනය
- ත්‍රිපෝෂ නිෂ්පාදනයේ භාවිත කරනු ලබන ප්‍රධාන අමුද්‍රව්‍යයක් වන බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 12,000ක් ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් වෙත මිල දී ගැනීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 670.8ක මුදලකට M/s KST Evergreen (Pvt) Ltd වෙත පිරිනැමීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.