• Increase font size
  • Default font size
  • Decrease font size

2019-01-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සේනා දළඹුවා (Fall Armyworm) හේතුවෙන් සිදුවන වගා හානි අනිවාර්ය වගා රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ ප්‍රතිපූර්ණය කිරීම
- මෑතක සිට ශ්‍රී ලංකාවේ ප්‍රධාන කෘෂිකාර්මික ප්‍රදේශවල සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන සේනා දළඹු උවදුර හේතුවෙන් ගොවීන්හට අනපේක්ෂිත ආර්ථිකමය පාඩුවක් දැරීමට සිදුව ඇත. වගා හානි සඳහා දැනට ක්‍රියාත්මක වන අනිවාර්ය රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ මෙවැනි පළිබෝධ වසංගත හේතුවෙන් සිදු වන හානි සඳහා රක්ෂණාවරණය නොලැබෙන අතර, අතිරේක ආවරණ යටතේ ගොවීන් විසින් සුළු වාරික මුදලක් ගෙවා එම ආවරණය ලබාගැනීම සිදු කළ යුතුව ඇත. එසේ වුවත් 2018/19 මහ කන්නය තුළ වගා කටයුතු ආරම්භ කර ඇති ගොවීන්ගෙන් වැඩි පිරිසක් මෙම අතිරේක ආවරණය ලබා ගෙන නොමැති බව නිරීක්ෂණය වී ඇත. එබැවින් සේනා දළඹුවා මඟින් සිදු වන හානිය අනිවාර්ය බෝග රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ හානිපූර්ණය කිරීමටත්, ඒ සඳහා අවශ්‍ය අතිරේක ප්‍රතිපාදන භාණ්ඩාගාරයෙන් ලබාගැනීමටත් කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.