• Increase font size
  • Default font size
  • Decrease font size

2019-01-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2018/2019 මහ කන්නය තුළ වී මිල දී ගැනීමේ වැඩසටහන
- 2018/2019 මහ කන්නයේ අස්වනු නෙලීමේ කටයුතු ආරම්භ වීමට නියමිතව ඇති අතර, වී සඳහා ස්ථාවර මිලක් පවත්වා ගෙන යාමට හා ගොවීන්ගේ වී සඳහා සාධාරණ මිලක් ලබා දීම පිණිස මෙම කන්නය තුළදී වී මිල දී ගැනීමේ වැඩසටහන දිස්ත්‍රික්ක 18ක් තුළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරනු ලැබ ඇත. ඒ අනුව සම්බා වර්ගවල වී සඳහා කිලෝග්‍රෑමයකට රුපියල් 41/-ක හා නාඩු වර්ගයේ වී සඳහා කිලෝග්‍රෑමයකට රුපියල් 38/-ක සහතික මිලක් යටතේ වී මිල දී ගැනීමට නියමිතව ඇත. ඒ අනුව මෙවර මහ කන්නය සඳහා වී මිල දී ගැනීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා වී අලෙවි මණ්ඩලයට අවශ්‍ය අරමුදල් සම්පාදනය කරගැනීමට අදාළව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.