• Increase font size
  • Default font size
  • Decrease font size

2019-01-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1962 අංක 19 දරන ආදායම් සංරක්ෂණ පනත යටතේ ප්‍රකාශයට පත් කරන ලද ගැසට් නිවේදන සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීම
- 1962 අංක 19 දරන ආදායම් සංරක්ෂණ පනත යටතේ ආනයන තීරු ගාස්තු සංශෝධනය කරමින් නිකුත් කරනු ලබන ගැසට් නිවේදන පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කළ යුතු වේ. ඒ අනුව ආනයන තීරු ගාස්තු අය කිරීමේදී දේශීය කර්මාන්තකරුවන්ට සහන සැලසෙන පරිදි නව රේගු සංකේතාංක, උප බෙදුම් රේගු සංකේතාංක සහ බදු හඳුන්වා දීමටත්, අන්තර් ජාතික වෙළඳපොළේ ඉන්ධන මිල අඩුවීමට සාපේක්ෂව මෙරට ඉන්ධන මිල ගැළපීම සිදු කිරීම සඳහා පැට්‍රෝල් ආනයනය මත තීරු බදු සංශෝධන සිදු කිරීමටත් නිකුත් කර ඇති අංක 2079/32, 2092/8 සහ 2097/36 දරන ගැසට් නිවේදන අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.