• Increase font size
  • Default font size
  • Decrease font size

2019-01-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බදු සහන ලබා දීම සඳහා 2002 අංක 14 දරන එකතු කළ අගය මත (සංශෝධිත) බදු පනත සංශෝධනය කිරීම
- ගුවන් යානා හා අමතර කොටස්, ඉරූ දැව, රෙදි ආනයනය සහ සහධිපත්‍ය නිවාස ඒකක විකිණීම ඇතුළු ඇතැම් භාණ්ඩ හා සේවා සඳහා එතෙක් පැවති එකතු කළ අගය මත වූ බදු නිදහස් කිරීම් 2018 අංක 25 දරන එකතු කළ අගය මත (සංශෝධිත) බදු පනත මඟින් ඉවත් කරන ලදී. එසේ වුවද එම ක්ෂේත්‍රවලට අදාළ පාර්ශ්වකරුවන් විසින් කර ඇති ඉල්ලීම් සලකා බලා, ගුවන් යානා සහ අමතර කොටස්, ඉරූ දැව, රෙදි ආනයනයේදී සහ දේශීයව නිෂ්පාපදනය කරනු ලබන සහල් නිවුඩුවලින් සකස් කරනු ලබන තෙල් මත ලබා දුන් බදු නිදහස් කිරීම් නැවත හඳුන්වා දීමටත්, රජයේ ආදායම ආරක්ෂා කිරීමේ අරමුණින් ඇතැම් භාණ්ඩ සඳහා අමාත්‍යවරයා විසින් තීරණය කරනු ලබන එකතු කළ අගය මත බදු අය කිරීමේ පදනම නියම කරනු ලැබීමටත් හැකිවනු පරිදි 2002 අංක 14 දරන එකතු කළ අගය මත වූ බදු පනත සංශෝධනය කිරීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.