• Increase font size
  • Default font size
  • Decrease font size

2019-01-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අහංගම පොලිස් ස්ථානය පවත්වාගෙන යන තෙමහල් ගොඩනැඟිල්ල අලුත්වැඩියා කිරීම
- ග්‍රාම නිලධාරි වසම් 35ක වෙසෙන ජනතාවකට සේවා සපයනු ලබන අහංගම පොලිස් ස්ථානය දැනට පවත්වා ගෙන යනු ලබන තෙමහල් ගොඩනැඟිල්ලේ අබලන් තත්ත්වය සහ දිගු කාලයක් අලුත්වැඩියා සිදු නොකිරීම හේතුවෙන් සේවා සැපයීමේදී දුෂ්කරතා මතු වී තිබේ. ඒ අනුව එම ගොඩනැඟිල්ලේ සිදු කළ යුතු අලුත්වැඩියා සහ වැඩිදියුණු කිරීම් සඳහා රුපියල් මිලියන 33.4ක මුදලක් වෙන් කරවාගැනීම පිණිස ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.