• Increase font size
  • Default font size
  • Decrease font size

2019-01-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පොලිස් ප්‍රතිසංවිධානය
- කාර්යක්ෂම හා වගවීමෙන් යුත් වෘත්තියමය පොලිස් සේවාවක් සඳහා වූ මහජන අපේක්ෂාවන් සමඟ වත්මන් පොලිස් ක්‍රමවේද හා කාර්යසාධනය වර්තමානයට ගැළපෙන පරිදි යාවත්කාලීන කරගැනීම පිණිස ශ්‍රී ලංකා පොලීසිය ප්‍රතිසංවිධානය කිරීමට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විශේෂඥයන්ගෙන් සමන්විත පොලිස් ප්‍රතිසංවිධාන කමිටුවක් පත් කරන ලදී. ඒ අනුව ශ්‍රී ලංකා පොලීසියේ වෘත්තීය දක්ෂතා හා ප්‍රමිතීන් වැඩිදියුණු කිරීම, වගවීම හා විනිවිදභාවය වැඩිදියුණු කිරීම, මානව හිමිකම් පිළිපැදීම හා පවත්වාගෙන යාම, අපරාධ වැළැක්වීම, අපරාධ පිළිබඳ බිය අඩු කිරීම හා ආරක්ෂාව පිළිබඳ පුරවැසියන් තුළ ඇති හැඟීම වැඩිදියුණු කිරීම සහ මහජන විශ්වාසය හා පැහැදීම වර්ධනය කිරීම යන ක්ෂේත්‍ර ඔස්සේ එම කමිටුව විසින් කර ඇති නිර්දේශ ඇතුළත් පොලිස් ප්‍රතිසංවිධාන ක්‍රියාකාරි සැලැස්ම ක්‍රියාත්මක කිරීම පිණිස ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් අනුමත කරන ලදී.