• Increase font size
  • Default font size
  • Decrease font size

2019-01-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බේරුවල මූලික රෝහලේ ප්‍රධාන ගොඩනැඟිල්ල ඉදි කිරීම (අදියර - I)
- බේරුවල මූලික රෝහලේ ප්‍රධාන ගොඩනැඟිල්ල ඉදි කිරීමේ අදියර I යටතේ මහල් 09කින් යුත් ප්‍රධාන ගොඩනැඟිල්ලක පයිල් අත්තිවාරම ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි M/s. Access Engineering PLC වෙත රුපියල් මිලියන 355ක මුදලකට පිරිනැමිම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.