• Increase font size
  • Default font size
  • Decrease font size

2019-01-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රජයේ රෝහල් 20ක විද්‍යුත් රූප සංරක්ෂණ හා සන්නිවේදන පද්ධතියක් සහ විකිරණ තොරතුරු පද්ධතියක් ස්ථාපිත කිරීම
- රෝගීන්ගේ සියලු තොරතුරු සංරක්ෂණය කර ගබඩා කිරීමට සහ ඩිජිටල් විකිරණ රූප විශාලනය කර බැලීමට හැකියාව ලබා දීම තුළින් අවම පිරිවැයක් හා කාලයක් වැය කොට රෝග නිශ්චය පිළිබඳ නිවැරදි තීරණ ගැනීමට උපකාරි වන විද්‍යුත් රූප සංරක්ෂණ හා සන්නිවේදන පද්ධතියක් සහ විකිරණ තොරතුරු පද්ධතියක් රජයේ රෝහල් 20ක ස්ථාපිත කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශය පරිදි මැලේසියාවේ M/s REDtone MEX sdn Bhd ආයතනය වෙත පිරිනැමීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.