• Increase font size
  • Default font size
  • Decrease font size

2019-01-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගම්පහ, අත්තනගල්ල හා මිනුවන්ගොඩ ඒකාබද්ධ ජල සම්පාදන ක්‍රමය යටතේ අත්තනගල්ල ප්‍රදේශයේ ප්‍රධාන සම්ප්‍රේෂණ නළය හා ජලය බෙදාහැරීම් සඳහා අවශ්‍ය ජල නළ එළීම සහ උපාංග සඳහා වන ප්‍රසම්පාදනය
- ගම්පහ, අත්තනගල්ල හා මිනුවන්ගොඩ ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්තුව M/s. China Machinery Engineering Corporation වෙත ප්‍රදානය කරන ලද අතර එහි ඇතැම් කාර්යයන් උප කොන්ත්‍රාත් යටතේ සිදු කිරීමට නියමිතව තිබේ. ඒ යටතේ අත්තනගල්ල ප්‍රදේශයේ ඝන මීටර 1,500ක ධාරිතාව සහිත ජල කුළුණක් ඉදි කිරීම හා සම්ප්‍රේශණ හා බෙදා හැරීම් ප්‍රධාන නලය සඳහා අවශ්‍ය උපාංග සහ ජල නළ එලීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි M/s. Sierra Construction Limited සහ K D A Weerasinghe Co. (Pvt) Limited විසින් ඇතිකර ගත් බද්ධ ව්‍යාපාරය වෙත පිරිනැමීම පිණිස නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.