• Increase font size
  • Default font size
  • Decrease font size

2019-01-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොළඹ හා ගම්පහ වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන නවීකරණය කිරීම
- කොළඹ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය පිහිටුවීම හා ගම්පහ කාර්මික විද්‍යාලය වැඩි දියුණු කිරීම යටතේ අදාළ ඉදිකිරීම් කටයුතු නිම වෙමින් පවතියි. මෙම කාර්මික විද්‍යාලයන්හි පවත්වන පාඨමාලා, ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) 4 සිට ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) 5 හා 6 මට්ටම දක්වා උත්ශ්‍රේණිගත කර ඇති බැවින් එම අවශ්‍යතාවලට ගැළපෙන පරිදි සහ නවීන තාක්ෂණික වෙනස්වීම් ද සැලකිල්ලට ගෙන මීට පෙර යෝජනා කර තිබූ යන්ත්‍රෝපකරණ ලැයිස්තුව සංශෝධනය කිරීම සඳහා ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.