• Increase font size
  • Default font size
  • Decrease font size

2019-01-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
යාපනය නගර ශාලාව සංවර්ධනය කිරීම
- හානියට පත් වීම හේතුවෙන් භාවිතයට නොගන්නා යාපනය මහ නගර සභාවේ නගර ශාලාව වෙනුවට වර්තමානයේ එම නගර සභාවේ කටයුතු නල්ලූර් කෝවිලට අයත් ඉඩමක පිහිටි ගොඩනැඟිල්ලක පවත්වා ගෙන යනු ලබයි. මහජනතාවට එදිනෙදා සේවා සපයනු ලබන නගර සභාවට අයත් අංශ, විවිධ ස්ථානවල විසිරී පැවතීම හේතුවෙන් මහජනතාව දුෂ්කරතාවන්ට මුහුණ දෙනු ලබන බව නිරීක්ෂණය වී ඇත. එබැවින් යාපනය නගර ශාලාව රුපියල් මිලියන 2,350ක පිරිවැයක් යටතේ 2019-2023 කාල පරිච්ඡේදය තුළ ඉදි කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.