• Increase font size
  • Default font size
  • Decrease font size

2019-01-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හල්දුම්මුල්ල ඔසු උයන සංවර්ධනය කිරීම
- බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටි හල්දුම්මුල්ල ඔසු උයන අක්කර 65ක භූමි ප්‍රදේශයක ව්‍යාප්තව පවතින අතර, එහි වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ශාක, ආවේනික ශාක හා දුර්ලභ ශාක ඇතුළත්ව ශාක විශේෂ 700ක් පමණ පවතියි. මේ මඟින් ඔසු උයන් පිහිටුවීම සඳහා අවශ්‍ය ඔසු පැළ හා තාක්ෂණික උපදෙස් ලබා දීම, ඖෂධීය ශාක පිළිබඳ ප්‍රකාශන අලෙවි කිරීම සහ දැනුම්වත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම යනාදිය සිදු කරනු ලැබේ. මෙම කටයුතු තවදුරටත් ව්‍යාප්ත කිරීම සඳහා රුපියල් මිලියන 33.4ක ආයෝජනයක් සහිත ව්‍යාපෘතියක් ක්‍රියාත්මක පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.