• Increase font size
  • Default font size
  • Decrease font size

2019-01-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වකුගඩු රෝගීන් සඳහා ස්වයංක්‍රීය උදර තරල කාන්දු පෙරීමේ ක්‍රමවේදය භාවිතයෙන් නිවසේ සිටම ප්‍රතිකාර ලබාගැනීමේ ක්‍රමයක් හඳුන්වා දීමේ ව්‍යාපෘතිය
- වකුගඩු රෝගීන් සඳහා ස්වයංක්‍රීය උදර තරල කාන්දු පෙරීමේ ක්‍රමවේදය (Automated Peritoneal Dialysis) භාවිතයෙන් නිවසේ සිටම ප්‍රතිකාර ලබා ගත හැකි කාන්දු පෙරන පද්ධතියක් (Home Dialysis System) හඳුන්වාදීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය වෙත මීට පෙර ඉදිරිපත් කරන ලද අතර, එම යෝජනාව අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවක් පත් කිරීමට තීරණය කරන ලදී. ඒ අනුව, යෝජිත ව්‍යාපෘතිය ඇගයීම හා සාකච්ඡා සම්මුති පැවැත්විම සඳහා තාක්ෂණික ඇගයීම් කමිටුවක් හා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවක් පත් කිරීමටත්, මෙම ව්‍යාපෘතිය නියමු ව්‍යාපෘතියක් ලෙස මෙම රෝගය ව්‍යාප්ත වී ඇති දිස්ත්‍රික්කවල රෝගීන් 500ක් සඳහා ක්‍රියාත්මක කර ඉන් පසු දිවයින පුරා ක්‍රියාත්මක කිරීමටත් එම අනු කාරක සභාව විසින් නිර්දේශ කර ඇත. සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා විසින් ඉදිරිපත් කළ එම නිර්දේශ ඇතුළත් වාර්තාව අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.