• Increase font size
  • Default font size
  • Decrease font size

2019-01-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කිලිනොච්චිය හා වවුනියාව දිස්ත්‍රික් මහ රෝහල්වල සහ පේදුරුතුඩුව හා මාන්කුලම් මූලික රෝහල් හි සෞඛ්‍ය සත්කාරක පහසුකම් වැඩිදියුණු කිරීම
- උතුරු පළාතේ සෞඛ්‍ය පහසුකම් හා සේවා වැඩිදියුණු කිරීම යටතේ කිලිනොච්චිය හා වවුනියාව දිස්ත්‍රික් මහ රෝහල්වල සහ පේදුරුතුඩුව හා මාන්කුලම් මූලික රෝහල්වල සෞඛ්‍ය සත්කාරක පහසුකම් වැඩිදියුණු කිරීමට යෝජනා වී තිබේ. මෙම ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත පිරිවැය යුරෝ මිලියන 54.45ක් වන අතර එම ආයෝජනයෙන් 75%ක් අපනයන ණය නියෝජිත ආයතනයක ආවරණය සහිත ණය පහසුකමක් ලබා දීමට නෙදර්ලන්තයේ ING Bank N.V. ආයතනය මඟින්ද ඉතිරි 25%ක මුදල නෙදර්ලන්ත රජයේ ප්‍රදානයක් ලෙස ලබා දීමට එකඟවී ඇත. මෙම ව්‍යාපෘතිය උතුරු පළාත් සභාවේ සහාය ද ඇතිව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කිරීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.