• Increase font size
  • Default font size
  • Decrease font size

2019-01-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2011 අංක 18 දරන වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු පනතට අනුව නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීම
- 2017 අයවැය යෝජනා අනුව, 2011 අංක18 දරන වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු පනතෙහි වගන්ති 3(3) ප්‍රකාරව නිකුත් කරනු ලැබූ අංක 2079/34 දරන 2018‑07‑11 දිනැති අතිවිශෙෂ ගැසට් නිවේදනය මඟින්, දේශීය කර්මාන්ත නිෂ්පාදන ක්‍රියාවලියෙහි ඵලදායීතාව ඉහළ නැංවීම අරමුණු කොට හඳුනාගන්නා ලද අධි තාක්ෂණික හා ස්වයංක්‍රීය යන්ත්‍රෝපකරණ සඳහා සියයට 75ක වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු සහනයක් ලබා දීමට යෝජනා විය. ඒ අනුව අදාළ ගැසට් නිවේදනය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.