• Increase font size
  • Default font size
  • Decrease font size

2019-01-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ ප්‍රකාශයට පත් කරන ලද ගැසට් නිවේදනයන් සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීම
- 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ විටින් විට නිකුත් කරනු ලබන ගැසට් නිවේදන සඳහා යෝජනා සම්මතයක් මඟින් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීම සිදු කළ යුතු වේ. ඒ අනුව 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ ප්‍රකාශයට පත් කර අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබ එහෙත් පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා මෙතෙක් ඉදිරිපත් කර නොමැති ගැසට් නිවේදන 08ක් සහ පාරිභෝගික ජනතාවට හා දේශීය ගොවීන් සඳහා සහන ලබා දීමේ අරමුණින් 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේම ප්‍රකාශයට පත් කර ඇති තවත් ගැසට් නිවේදන 07ක් පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.