• Increase font size
  • Default font size
  • Decrease font size

2019-01-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගැසට් නිවේදන පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම
- රාජ්‍ය ආදායම සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණ කිහිපයක් ක්‍රියාත්මක කිරීම පිණිස ගැසට් නිවේදන 07ක් 1989 අංක13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත සහ 2002 අංක14 දරන එකතු කළ අගය මත බදු පනතේ ප්‍රතිපාදන යටතේ නිකුත් කර ඇත. එම පනත් යටතේ නිකුත් කරන ලද ඕනෑම නියෝගයක් සඳහා එම පනත්වල දක්වා ඇති කාලසීමාව තුළ පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගත යුතුය. ඒ අනුව, 2018‑04‑30ට පෙර ශ්‍රී ලංකා රේගුව වෙතින් වාහන නිදහස් කරගැනීම සඳහා පැවති කොන්දේසි ඉවත් කිරීම සඳහා වන 2018 ජූලි 17 දිනැති 2080/31, සිගරැට් මත වූ නිෂ්පාදන බදු සංශෝධනය සඳහා වන 2018 ජූලි 31 දිනැති 2082/11, එන්ජින් ධාරිතාව ඝන සෙන්ටිමී‍ටර 1000ට වැඩි මෝටර් වාහන සඳහා වූ නිෂ්පාදන බදු සංශෝධනය සඳහා වන 2018 ජූලි 31 දිනැති 2082/10, 2018‑08‑01 දින හෝ ඊට පෙර ණයවර ලිපිය විවෘත කරන ලද වාහන ආනයනය සඳහා වන සහනදායී කොන්දේසි සීමා කිරීම සඳහා වන 2018 අගෝස්තු 06 දිනැති 2083/2, සංචාරකයන් සඳහා වූ වැට් බදු ප්‍රතිපූරණ ක්‍රමයක් හඳුන්වාදීම සඳහා වන 2018 සැප්තැම්බර් 10 දිනැති 2088/2, සංචාරකයන් සඳහා වූ වැට් බදු ප්‍රතිපූරණය කළ හැකි අවම වටිනාකම හඳුන්වාදීම සඳහා වන 2018 සැප්තැම්බර් 11 දිනැති 2088/25 සහ සීනි ආනයනයේදී අය කරන වැට් බදු ඉවත් කිරීම සඳහා වන 2018 සැප්තැම්බර් 18 දිනැති 2089/20 යන ගැසට් නිවේදන අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.