• Increase font size
  • Default font size
  • Decrease font size

2019-01-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කිරිමණ්ඩල මාවත සංවර්ධනය කිරීම
- කිරිමණ්ඩල මාවත නව නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ වැඩිදියුණු කළ යුතු යැයි හඳුනාගෙන ඇති කොළඹ මහනගර සීමාව තුළ පිහිටා ඇති මාර්ග හතර අතුරින් එකකි. ඒ සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 358.9ක මුදලකට ඒ.එම්.එස්.කේ.-ජී.සී. බද්ධ ව්‍යාපාරය වෙත පිරිනැමීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.