• Increase font size
  • Default font size
  • Decrease font size

2019-01-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොළොන්නාව ඇළ හැරවුම් යෝජනා ක්‍රමය
- කොළඹ අගනගර ආශ්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක කිරීමට යෝජිත කොළොන්නාව ඇළ හැරවුම් යෝජනා ක්‍රමයේ අදියර IV යටතේ කිත්තම්පහුව ඇළේ අවසන් කොටසේ පුනරුත්ථාපන කටයුතු සිදු කිරීමට නියමිත අතර, එමඟින් එම කොටසේ ජලය ගලායාමට අවහිර වන පටු ස්ථානවලින් එම බාධාවන් ඉවත් කිරීම, ගේබියන් බැමි ඉදි කිරීම, ෂීට් පයිල් යොදා ගනිමින් ඇළ ඉවුරු ශක්තිමත් කිරීම, පැති කාණු සහිත නඩත්තු ප්‍රවේශ මාර්ග ඉදි කිරීම, ඇළ පතුලේ රොන්මඩ ඉවත් කිරීම, පාලම නැවත ඉදි කිරීම සහ දිය දොරටු ව්‍යූහ ඉදි කිරීම හා ඒවායේ යාන්ත්‍රික කටයුතු සිදු කිරීමට අපේක්ෂිතය. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි කොළොන්නාව ඇළ හැරවුම් යෝජනා ක්‍රමය - අදියර IV ව්‍යාපෘතිය සඳහා වන කොන්ත්‍රාත්තුව රුපියල් මිලියන 1,431.68ක මුදලකට E&C-RR බද්ධ ව්‍යාපාරය වෙත ප්‍රදානය කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.