• Increase font size
  • Default font size
  • Decrease font size

2019-01-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොළොන්නාව ඇළ හැරවුම් යෝජනා ක්‍රමය - අදියර I
- කොළඹ නගරයේ ගංවතුර පාලනය කිරීම සඳහා කිලෝමීටර 4.8ක් දිග කොළොන්නාව ඇළ හැරවුම් යෝජනා ක්‍රමය, අදියර I, II, III සහ IV වශයෙන් උප කොටස් 4ක් යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. එයින් II හා III අදියර යටතේ වන කොන්ත්‍රාත් දැනටමත් ප්‍රදානය කර තිබේ. මෙම - ව්‍යාපෘතියේ අදියර I යටතේ කිත්තම්පහුව ඇළේ ආරම්භක කොටස පුනරුත්ථාපනය කිරීමට නියමිත අතර, එමඟින් ඇළ මාර්ගය හෑරීම හා ඇළේ ජලය ගලායාමට අවහිර කරන පටු ස්ථානවලින් එම බාධක ඉවත් කිරීම, ඇළ දෙපස බැමි ඉදි කිරීමෙන් ඇළ ඉවුරු ශක්තිමත් කිරීම, පැති කාණු සහිත නඩත්තු ප්‍රවේශ මාර්ග ඉදි කිරීම හා වානේ ගේට්ටු සහිත දිය අඟල් ව්‍යූහ ඉදි කිරීමට සැලසුම් කරනු ලැබ ඇත. ඒ සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි E&C-RR බද්ධ ව්‍යාපාරය වෙත රුපියල් මිලියන 859.5ක මුදලකට පිරිනැමීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.