• Increase font size
  • Default font size
  • Decrease font size

2019-01-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පිටිපන - තලගල මාර්ගයේ පිටිපන හන්දිය සිට දාම්පෙ පාරේ දත්ත මධ්‍යස්ථානය දක්වා වන කිලෝ මීටර් 4ක දුර ප්‍රමාණය වැඩි දියුණු කිරීම
- බස්නාහිර කලාපීය තාක්ෂණ නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කිරීමට අපේක්ෂිත මාලඹේ, කඩුවෙල, අතුරුගිරිය හා හෝමාගම නගර අනෙකුත් ප්‍රදේශ සමඟ ඇති ප්‍රවාහන සම්බන්ධතාව වැඩිදියුණු කිරීම සඳහා ප්‍රධාන මාර්ග සංවර්ධන ව්‍යාපෘති 05ක් ප්‍රමුඛත්වයේ ලා හඳුනාගෙන තිබේ. එයින් පිටිපන - තලගල මාර්ගයේ පිටිපන හන්දිය සිට දාම්පෙ පාරේ දත්ත මධ්‍යස්ථානය දක්වා වන කිලෝ මීටර 4ක දුර ප්‍රමාණය වැඩිදියුණු කිරීම සඳහා කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ සහ ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලයේ නිර්දේශය පරිදි Finite Lanka (pvt) Ltd. වෙත පිරිනැමීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.