• Increase font size
  • Default font size
  • Decrease font size

2019-01-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ යෝජිත පස් මහල් ගොඩනැඟිල්ලේ ඉතිරි නිම කිරීම් කටයුතු සම්පූර්ණ කිරීම
- මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහා නව පස් මහල් ගොඩනැඟිල්ලක් ඉදි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දෙන ලද අතර එහි මූලික ඉදි කිරීම් නිම වීමට ආසන්නව පවතී. එම ගොඩනැඟිල්ල භාවිතයට ගැනීම සඳහා තවදුරටත් සිදු කළ යුතු විදුලිය, සන්නිවේදන, ගිනි ආරක්ෂක, කාමර බෙදා වෙන්කිරීම ඇතුළු වැඩිදියුණු කිරීම් කාර්යයන් සිදු කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි මුල් කොන්ත්‍රාත්කාර සමාගම වන M/s Micro Constructions (Pvt) Ltd වෙත ප්‍රදානය කිරිම පිණිස අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.