• Increase font size
  • Default font size
  • Decrease font size

2019-01-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පානදුර මූලික රෝහල සංවර්ධනය කිරීම හා වෛද්‍ය උපකරණ ප්‍රසම්පාදනය
- පානදුර මූලික රෝහල සඳහා මහල් 6කින් යුත් ගොඩනැඟිල්ලක් ඉදි කිරීම, කාර්ය මණ්ඩල නිල නිවාස ඉදි කිරීම, අපජලය පවිත්‍ර කිරීමේ පවිත්‍රාගාරයක් ඇතුළු ඉදි කිරීම් සහ ඒවා සඳහා අවශ්‍ය වෛද්‍ය සහ අනෙකුත් උපකරණ සපයා ගැනීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි යුරෝ මිලියන 106.49ක මුදලකට ජර්මනියේ M/S GITEC-IGIP GmbH වෙත ප්‍රදානය කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.