• Increase font size
  • Default font size
  • Decrease font size

2019-01-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පුරවැසි අධ්‍යාපනය විෂය යටතේ අනු ඒකකයක් ලෙස නීති විෂය ඇතුළත් කිරීම
- නීතිගරුක හා විනයානුකූල අනාගත පරපුරක් බිහිකිරීම සඳහා එදිනෙදා ජීවිතයට අවශ්‍ය නීතිය පිළිබඳ දැනුම පාසල් දරුවන් වෙත ලබා දීමේ අවශ්‍යතාවය හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව 6 වසරේ සිට අධ්‍යාපන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) දක්වා වන විෂය නිර්දේශ යටතේ පුරවැසි අධ්‍යාපන විෂය මාලාවට මාර්ග නීති, ළමා ආරක්ෂාව පිළිබඳ නීති, මූලික අයිතිවාසිකම් පිළිබඳ නීති, පාරිසරික හා පොදු දේපළ පිළිබඳ නීති, මූලික දණ්ඩ නීති, මිනිස් ජාවාරම් සම්බන්ධ නීති, බාලවයස්කාර ලිංගික අපරාධ සම්බන්ධ නීති, වෘක්ෂලතා සහ වනජීවීන් සංරක්ෂණයට අදාළ නීති ආදී පුරවැසියන් මූලික වශයෙන් දැන ගත යුතු නීති පිළිබඳ කරුණු ඇතුළත් කිරීමට අවධානය යොමු වී ඇත. මේ සම්බන්ධයෙන් අධ්‍යනය කර වාර්තා කිරීම පිණිස අධ්‍යාපන, අධිකරණ, නීති යනාදී ක්ෂේත්‍රවල ප්‍රවීනයන්ගෙන් හා අදාළ ආයතනවල නියෝජිතයින්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මැතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.