• Increase font size
  • Default font size
  • Decrease font size

2019-01-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සුරාබදු ආඥාපනත යටතේ නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනය පාර්ලිමේන්තු අනුමැතියට ඉදිරිපත් කිරීම
- සුරාබදු ආඥාපනත යටතේ නිකුත් කරනු ලබන සුරාබදු නිවේදන එම පනතේ විධිවිධාන අනුව පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කළ යුතු වේ. ඒ අනුව, සිය නිෂ්පාදනයෙන් 100%ක් අපනයනය සඳහාම නිපදවනු ලබන, ආයෝජන මණ්ඩලයේ අනුමත කර්මාන්තායතන විසින් නිෂ්පාදන කටයුතු සඳහා යොදා ගැනීම පිණිස ආනයනය කරනු ලබන පානීය නොවන ස්ප්‍රීතු වෙනුවෙන් ගෙවිය යුතු බද්ද සඳහා සහන ලබා දීමට සුරාබදු ආඥාපනතේ 22 (3) වගන්තිය අනුව නිකුත් කරන ලද 2018 ඔක්තෝබර් 03 දිනැති අංක 2091/50 දරන අතිවිශෙෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද සුරාබදු නිවේදනය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.