• Increase font size
  • Default font size
  • Decrease font size

2019-01-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වඳ වී යාමේ තර්ජනයට මුහුණපා ඇති සත්ත්ව හා ශාක විශේෂ සම්බන්ධ අන්තර්ජාතික වෙළඳාම පිළිබඳ සම්මුතියේ (CITES) පාර්ශ්වකරුවන්ගේ 18 වන සමුළුවේ සත්කාරකත්වය දැරීම
- වඳ වී යාමේ තර්ජනයට මුහුණපා ඇති සත්ත්ව හා ශාක විශේෂ සම්බන්ධ අන්තර්ජාතික වෙළඳාම පිළිබඳ සම්මුතියේ (CITES) පාර්ශ්වකරුවන්ගේ 18 වන සමුළුවේ සත්කාරකත්වය දැරීම ශ්‍රී ලංකාව වෙත පැවරී ඇති අතර, එකී සමුළුව 2019 මැයි මස 23 සිට ජුනි මස 03 දක්වා පැවත්වීමට නියමිතය. ඒ සඳහා රටවල් 183ක නියෝජිතයින්ද ඇතුළු 4,000ක් පමණ දෙනා සහභාගි වනු ඇතැයි ඇස්තමේන්තුගත කර ඇත. මෙම සමුළුව බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වීමට සැලසුම් කර තිබේ. ඒ අනුව, බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, අනෙකුත් ගොඩනැඟිලි සහ අනෙකුත් අදාළ සේවාවන් ලබාගැනීම පිණිස රුපියල් මිලියන 230.37ක මුදලක් ගෙවීම සඳහා සංචාරක සංවර්ධන, වනජීවී සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.