• Increase font size
  • Default font size
  • Decrease font size

2019-01-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
"ගම්පෙරළිය" කඩිනම් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම
- ගම්පෙරළිය වැඩසටහන යටතේ ග්‍රාමීය වැව් ප්‍රතිසංස්කරණය, ග්‍රාමීය මාර්ග නවීකරණය කිරීම, පාසල් සඳහා සනීපාරක්ෂක පහසුකම් සැලසීම, පාසල් ක්‍රීඩා පිටි, සතිපොළ හා හරිත උයන ඉදි කිරීම, විදුලිබලය ලබා දීම, ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය, නිවාස සංවර්ධනය සහ ඉඩම් ඔප්පු ලබා දීම ආදී ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා 2018 වර්ෂය වෙනුවෙන් රුපියල් බිලියන 20ක ප්‍රතිපාදන අමාත්‍ය මණ්ඩලය විසින් වෙන් කරන ලදී. එක් මැතිවරණ කොට්ඨාශයකට රුපියල් මිලියන 300ක් බැගින් ලබා දෙමින් එම සංවර්ධන වැඩ කටයුතු තවදුරටත් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා 2019 වර්ෂය වෙනුවෙන් රුපියල් බිලියන 48ක ප්‍රතිපාදන වෙන්කරවා ගැනීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.