• Increase font size
  • Default font size
  • Decrease font size

2019-01-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ද්වීතියික අධ්‍යාපනය වැඩිදියුණු කිරීම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කේන්ද්‍රයන් පිහිටුවීම
- ද්වීතියික අධ්‍යාපනය සඳහා පරිගණක ආධාරක ඉගැන්වීමේ ක්‍රමවේදය ශක්තිමත් කිරීමේ අරමුණින්, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ඉගැන්වීමේ හා ඒ සඳහා වන ඉගැනුම් පරිසරය වැඩිදියුණු කිරීම, ගුරුවරුන්ගේ තොරතුරු තාක්ෂණ අධ්‍යාපන හැකියාව වැඩිදියුණු කිරීම සහ ග්‍රාමීය ප්‍රදේශවල පාසල් සිසුන්ද ඇතුළත්ව සියලුම සිසුන්ට අධ්‍යාපනය සඳහා සමාන අවස්ථා ලබා දීම සඳහා ව්‍යාපෘතියක් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. මේ යටතේ අංගසම්පූර්ණ ජාතික ඉ-ඉ‍ෙගනුම් සම්පත් සංවර්ධන මධ්‍යස්ථානයක් වයඹ පළාතේ පිහිටුවීමටත්, තවත් අධ්‍යාපන තොරතුරු සන්නිවේදන තාක්ෂණ මධ්‍යස්ථාන 02ක් දකුණ හා නැ‍ඟෙනහිර පළාත් කේන්ද්‍ර කරගනිමින්ද පිහිටුවීමටත් නියමිතය. මෙම ව්‍යාපෘතිය සඳහා අරමුදල් සැපයීමට දකුණු කොරියාවේ ආනයන හා අපනයන බැංකුවෙහි ආර්ථික සංවර්ධන සහයෝගිතා අරමුදල එකඟවී ඇති අතර, එම අරමුදල් සලසා ගැනීම සඳහා අවශ්‍ය ගිවිසුමකට එළඹීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.